පළාත් පාලන ඡන්දය: පැෆරල් ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩක්

Published

කල් දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන දිනය ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස දන්වමින් පෙත්සමේ වග උත්තරකරුවන් වන මැතිවරණ කොමිසමට සහ පලාත් පාලන අමාත්‍යවරයාට අධිකරණය නොතීසි නිකුත් කළේය.

සීමා නිර්ණය

පෙත්සම ඉදිරිපත් කළ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ සීමා නිර්ණය පිළිබඳ කටයුතු පෙන්වමින් රජය පළාත් පාලන ඡන්ද විමසීම හිතාමතාම කල් දමමින් සිටින බවය.

"මේ වනවිට පලාත් පාලන ආයතන 61ක් සඳහා වූ සීමා නිර්ණය කටයුතු අවසන් කර තිබෙනවා. එම ආයතන සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා අදාළ ආයතනවල ඡන්ද විමසීම පවත්වන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා." රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේය.