ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල

Published

පසුගියදා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් විය.

ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවට පරාජයන්ට හේතු වෙන මගකට ක්‍රීඩාව යොමු කිරීමේ උත්සාහයක් තිබෙන බවය.