අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පත් වීම ගැන දැන් ආන්දෝලනයක් මතුවී ඇත්තේ ඇයි?

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පත් වීම ගැන දැන් ආන්දෝලනයක් මතුවී ඇත්තේ ඇයි?
Published

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ගැන මෑතකාලීනව ආන්දෝලනයක් මතුව ඇත්තේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව මතු කරන කාරණා හේතුවෙනි.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටු සාමාජිකයෙකු ලෙස සිට ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වත්මන් පානදුර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී නන්දන ගුණතිලක යු ටියුබ් නාලිකාවක සමඟ පවසා තිබිණි.

විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් මතුකරන කාරණා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක දැක්වූ ප්‍රතිචාරය මෙන්ම ඔහු ධුරයට පත්වීමෙන් පසු යළි ආරම්භ වූ, යටපත්ව තිබූ විමර්ශන හා නඩු පැවරීම් පිළිබඳව මෙම වීඩියෝවේ කරුණු ඇතුළත් වෙයි.