'උතුරේ සිවාජිලින්ගම්ට එක නීතියක්. දකුණට වෙන නීතියක් ද?'

'උතුරේ සිවාජිලින්ගම්ට එක නීතියක්. දකුණට වෙන නීතියක් ද?'
Published

දණ්ඩ නීති සංග්‍රහය යටතේ උතුරේ නඩු පවරන සිදුවීම්වලට දකුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නේ ඇයි දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (දෙසැම්බර් 04) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

විමර්ශන සිදුකර නඩු පැවරීම් සිදු කරන්නේ පොලීසිය වන අතර ඊට රජය දේශපාලන මැදිහත් වීම් නොකරන බව ඊට පිළිතුරු දුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.

නමුත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම පිළිතුරෙන් සැහීමකට පත් නොවීම නිසා අධිකරණ ඇමතිවරයා ද ඊට මැදිහත් විය.