පසුගිය වසර පහ තුළ පදක්කම් 59ක් දිනූ 103 හැවිරිදි තායි ක්‍රීඩකයා

පසුගිය වසර පහ තුළ පදක්කම් 59ක් දිනූ 103 හැවිරිදි තායි ක්‍රීඩකයා
Published

සවාන්ග් ජන්ප්‍රාම්ගේ වයස අවුරුදු 103කි.

ඔහුට වයස අවුරුදු 97 දී ඔහුගේ සමීප මිතුරෙකු අසනීපවී ඇඳට සීමාවීමෙන් පසු ඔහු ක්‍රීඩාවට යොමුවිය.

දැන් ඔහු ක්‍රීඩා ශූරයෙකු වන අතර ජාත්‍යන්තර ඉසව්වල දී නිතිපතා පදක්කම් දිනාගන්නෙකි.

ඔහු පසුගිය දා පැවති ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්විය.