'පළවෙනි පාරට මම මගේ කාර් එක පදිද්දී ආපහු ඉපදුණා වගේ මට දැනුණා'

'පළවෙනි පාරට මම මගේ කාර් එක පදිද්දී ආපහු ඉපදුණා වගේ මට දැනුණා'
Published

උපතින් ම කුරු ශරීරයකින් යුතු සුරේෂ් ගාද්වි නිතර සිහින මැව්වේ, ස්වාධීනව ගමන් කිරීම සඳහා තමන්ට ම පදවාගෙන යා හැකි මෝටර් රථයක් හිමිකර ගැනීම ගැනයි.

එමනිසා, ඔහු තම අවශ්‍යතා සපුරාලීම සඳහා විදුලි මෝටර් රථයක ආකෘතියක් නිර්මාණය කළ නමුත් එය නිෂ්පාදනය කිරීමට හැකි සේවා ස්ථානයක් සොයා ගැනීම දුෂ්කර විය.

අවසානයේදී, ඔහු සාර්ථක වූ අතර, වයස අවුරුදු 49 දී ඔහු නිරන්තරයෙන් ආශා කළ ඉලක්කය ජය ගන්නා ලදී.