ඇමරිකානු කව්බෝයිලා දැන් ඊශ්‍රායලයට යන්නේ ඇයි?

ඇමරිකානු කව්බෝයිලා දැන් ඊශ්‍රායලයට යන්නේ ඇයි?
Published

ඇමරිකානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් කව්බෝයි හිස්වැසුම් පැළඳ ඊශ්‍රායලයට පියාසර කරන අයුරු කිසිවෙකු විසින් ඡායාරූපගත කිරීමෙන් පසු, ඔවුන් පිරිස වෛරල් විය.

ඔවුන් අයත්වන්නේ ක්‍රිස්තියානි සියොන්වාදී සංවිධානයක් වන 'හායොවෙල් ක්‍රිස්තියානි සයොන්වාදී සමූහය'ට ය.

ඔක්තෝම්බර් මාසයේ දී ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු, මේ සමූහය එරට ගොවිපළවල වැඩ කිරීම සඳහා සහාය දීමට පිටත්වගොස් තිබේ.